(නිමල කොඩිතුවක්කු)
කොළඹ ඇතුළු ප‍්‍රධාන නගරවල එළවලූ මිල ගණන් මේ දිනවල ඉහළ ගොස් ඇතැයි පාරිභොගිකයෝ චෝදනා කරති.ඇතැම් එළවලූ මිළ ගණන් දැරිය නොහැකි ලෙස ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවද ඔවූහු සඳහන් කරති.
කොළඹ නගරයේ සුපිරි වෙළඳසැල්වල කැරට් කිලෝවක් රුපියල් 490ක මිලකටත්, බෝංචි කිලෝවක් රුපියල් 390ක මිලකටත්, මාලූ මිරිස් කිලෝවක් රුපියල් 590කටත් අමුමිරිස් කිලෝවක් රුපියල් 650 ක මුදලකටත් අලෙවි කරන බව මේ පිළිබඳ අප කළ නිරික්ෂණයකදී දැකගත හැකි විය.
මෙයට අමතරව මෑකරල් කිලෝවක් රුපියල් 290 කටත්, තිබ්බටු කිලෝවක් රුපියල් 380 කටත්, වැටකොලූ කිලෝවක් රුපියල් 360 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 220 කටත්, දඹල කිලෝවක් රුපියල් 290 කටත්, බණ්ඩක්කා කිලෝවක් රුපියල් 150කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 290 කටත් අලවි වේ.
පිටකොටුව මැනිං වෙළඳපොලේ ද එළවලූ මිල ගණන් මේ වනවිට සීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් එම වෙළෙන්දන්ගෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ පවතින වර්ෂාවත් සමඟ එළවලූ මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.
තවත් මාස එකහමාරක පමණ කාලයක් එළවලූ මිල ගණන් මෙලෙස ඉහළ යා හැකි බවද ඔවුහු සඳහන් කරති.
ඒ අනුව පිටකොටුව මැනිං වෙළඳපොලේ කැරට් කිලෝවක් රුපියල් 330ත් 380ත් අතර මිලකටත්, බෝංචි කිලෝවක් රුපියල් 280ත් 360ත් අතර මිලකටත්, ලීක්ස් කිලෝවක් රුපියල් 260ත් 280ත් අතර මිලකටත්, අල කිලෝවක් රුපියල් 160ත් 180ත් අතර මිලකටත්, තක්කාලි කිලෝවක් රුපියල් 200ත් 240ත් අතර මිලකටත්, මාලූ මිරිස් කිලෝවක් රුපියල් 450ත් 500ත් අතර මිලකටත්, අමුමිරිස් කිලෝවක් රුපියල් 400ත් 460ත් අතර මිලකටත් අලෙවි විය.
මෙයට අමතරව වම්බටු කිලෝවක් රුපියල් 120ත් 140ත් අතර මිලකටත්, තිබ්බටු කිලෝවක් රුපියල් 200ත් 240ත් අතර මිලකටත්, පතෝල කිලෝවක් රුපියල් 120ත් 160ත් අතර මිලකටත්, රාබු කිලෝවක් රුපියල් 180ත් 200ත් අතර මිලකටත් අලෙවි විය.
ඡායාරූප - ළහිරු හර්ශණ