එළවනාකන්දේ බස්-වෑන් අනතුරින් 3ක් මරුට:40ක් රෝහලට


( නිමල් ජයරත්න,රුමේෂ් වීරසිංහ සහ ඉන්දික අරුණ කුමාර)

මාතලේ හෙට්ටිපොල එවනාකන්ද ප්‍රදේශයේදී බස් රථයක් හා වෑන් රථයක් මුහුණට,  මුහුණ ගැටීමෙන් එම බස් රථය ප්‍රපාතයට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මියගොස් තවත් හතළිස් දෙනකු බරපතල තුවාල ලබා ලග්ගල සහ මහියංගන රෝහල්වලට ඇතුළත් කර ඇති බව විල්ගමුව පොලිසිය සඳහන් කරයි.
 
මෙම අනතුරෙන් වෑන් රථයේ රියැදුරු සහ බස් රථයේ ගමන් ගත් දෙදෙනෙකු ඇතුළුව තිදෙනෙකුකු මියගොස් ඇති බව පොලිසිය කියයි.

කොළඹ කොටහේන ප්‍රදේශයේ පිරිසක් වස්ගමුව ජාතික වනෝද්‍යාන නරඹා ආපසු හෙට්ටිපොළ හරහා දඹුල්ල මහියංගන මාර්ගයේ යමින් සිටියදී ඉදිරියෙන් ආ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුරට මුහුණපා ඇත. බස් රථයේ සිර වූ පිරිස් බේරාගැනීම සඳහා පොලිසිය යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් විසින් මහත් පරිශ්‍රමයක් දැරු බව පොලීසිය කියයි.