එස්ටීඑෆ් භටයා උඩුමහලෙන් බිමට


කොලොන්නාව නගර සභාවේ උඩුමහළේ ප්‍රභූ ආරක්ෂාවේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයකු සිය ගිනි අවිය සමග ඇදවැටී කොළඹ ජාතික රෝහලට අැතුලත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) කොලොන්නාවේ රැස්වීමකට සහභාගීවීමට නියමිතය. රැස්වීමට පැය කිහිපයකට පෙර මෙම සිද්ධිය වාර්තාවිය.