එස්.පීට ඇප


89 කලබල කාලයේ සිසුවකු (16) මරා දැමීයැයි අට වසරක සිර දඬුවම් නියම වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රොෂාන් සිල්වා මහතා ගොනු කළ අභියාචන පෙත්සම අවසන් වන තුරු රුපියල් ලක්ෂ 20 මුදල් හා රුපියල් ලක්ෂ 60ක ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින ලෙස පානදුර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා නියෝග කළේය.

ජුනි 18 වැනි දා දඩුවම් නියම වූ සිල්වා මහතා තමා නිවැරදි බව කියමින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කළේය.