එස් පී 14 දෙනෙක් එස් එස් පී වෙති


පොලිස් අධිකාරීවරු 14 දෙනෙක් පෙබරවාරි 01 වැනි දා සිට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට පත් කරනු ලැබුහයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ කේ.වි.ඩී.ඒ.ජේ. කරවිට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පී.කේ.ඩී. ප්‍රියන්ත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩී.පි. චන්ද්‍රසිරි, මාන්කුලමේ  පී.අයි.ඩී.ආර්. විජේසිංහ, බණ්ඩාවෙල ,පී.එම්.එච්.බී. සිරිවර්ධන, මහනුවර , යු.පී.ඒ.ඩී.කේ.පී. කරුණානායක, එස්.ඩබ්ලිව්. සේනාරත්න, රජ්‍ය බුද්ධි සේවයේ එම්.එන්. සිසිර කුමාර, තංගල්ලේ එම්.එන්. සිසිර කුමාර, විශේෂ කාර්යාංශයේ ටී.සි.ඒ ධනපාල,පොළොන්රුවේ පී.ඒ.එන්.එල්. විජේසේන, විශේෂ කාර්ය බළකායේ ඩබ්ලිව්.එස්.ඊ. ජයසුන්දර, මාතලේ ඒ.පී.ජේ. චන්ද්‍රකුමාර සහ කන්කසන්තුරේ එච්.එන්.කේ.ඩී. විජයසිරි ඔවුහුය.