
(ඉන්දිකා රාමනායක )
විශේෂ කාර්ය බලකායේ නිල ලාංඡනය නීති විරෝධී ලෙස යොදා ගනිමින් සැකසූ පිඟන් භාණ්ඩ අලෙවි කරමින් සිටි පුද්ගලයෙක් කොට්ටාව ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකායේ බළකායේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ස්ථානයේ තිබී විකිණීමට සූදානම් කර තිබූ පිඟන් භාණ්ඩ 33 නිලධාරීන් භාරයට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම ස්ථානයේ කාලයක පටන් මෙම පිඟන් භාණ්ඩ අලෙවිය පවත්වාගෙන ගොස් ඇති, විශේෂ කාර්ය බලකායේ නිල ලාංඡනය සහිත පිඟන් භාණ්ඩ ද අලෙවි කර ඇතැයි විශේෂ කාර්ය බලකාය තොරතුරු හෙළි කරගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇත.
විශේෂ කාර්ය කයේ නිල ලාංඡනය යොදා ප්‍රධාන පෙළේ පිඟන් භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයකින් මේවා නිෂ්පාදනය කර ගෙන ඇතැයි ද කර ගෙන ඇතැයි ද විශේෂ කාර්ය බලකාය පවසයි.

