එස්.ටී.එෆ්. මීගමු සෝදිසිය
සෝදිසි වරෙන්තුවක් හෝ වෙනත් කිසිම නිත්‍යනුකූල ලියැවිල්ලක් නොමැතිව පොලිස් විශේෂ කාර්ය බළකාය තම ගෙවත්ත සෝදිසි කිරීමෙන් තදබල අසාධාරණයක් වී යැයි බස්නාහිර පළාත් සභා ඇමැති නිමල් ලන්සා මහතා මහින්ද රාජපක්‍ෂ ජනපතිට කීවේය. මේ සිද්ධිය ගැන සොයා බැලීමට ජනපති අද ඔහුගේ මීගමුව නිවෙසට ගියේය. පරීක්‍ෂණයක් කරන බව ද ජනපති ඔහුට දැන්වීය. ලන්සා මහතා ජනපතිට කීවේ අවට ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සිටි තැන් ද සේදිසි කළ බවයි.

