උපාලි ආනන්ද
අපරාධ රැසක් සමිබන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු යුධ හමුදා සෙබළකු ඇතුලූ තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මූලික විමර්ෂණ ඇරඹීම සඳහා අවසරය ලබා දෙන්නැයි රහස් පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂණ රත්තානයක මහතා රහස් පොලිසියේ ඉල්ලීමට අවසර ලබා දුන්නේය.
රහස් පොලිසියේ සමූහ මංකොල්ලකෑම් විමර්ෂණ අංශය මෝසමක් මගින් අධිකරණයට දැනුම් දුන්නේ පසුගිය 2016 වසරේ අපේ‍්‍රල් මස 30 වැනිදා ටී එම් සරත් බංඩාර හෙවත් එස් එෆ් බංඩා සහ ඔහුගේ සගයින් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කැරුණු පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සදහා මූලික විමර්ෂණ ආරම්භ කිරීමට රහස් පොලිසිය සුදානමින් සිටින බවයි.
ඊට අධිකරණයේ අවසරය ලබා දෙන්නැයිද රහස් පොලිසිය අධිකරණයෙන් අයැද සිටියේය.
මෙතෙක් මෙම විමර්ශන කරනු ලැබුවේ අනුරාධපුර පොලිසිය විසිනි.

