එස් එම් එස් පෙරළියක්


ජංගම දුරකතනයට ලැබෙනා කෙටි පණිවුඩ කෙළින්ම ඇසට ලබා දිය හැකි  සිවි කාච විශේෂයක් නිපදවීමට ඛෙල්ජියමේ ගෙහෙන්ට් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පරිසක් සමත් වෙති. ඒ ජංගම දුරකතනය හා රැහැන් රහිත ‘වයර්ලස්‘ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමෙන් පණිවුඩය ඇසට ලැබෙයි.  දියුණු රූපවාහිනී තිර මෙන් පැහැදිලිව ඇස මත පණිවුඩ ප්‍රක්ෂේපණය කිරීමේ හැකියාව මේ කාච සතුය. තවමත් පරික්ෂණ මට්ටමේ පැවැතිය ද දැන් මූලික පියවර ජය ගෙන ඇති බැවින් මෙය කෙටි පණිවුඩයේ සිට රූප ප්‍රක්ෂේපණය කර හැකි තරමට තවත් වැඩි දියුණු කර ඉදිරි වසර කිහිපය ඇතුළතදී වෙළද පොළට ඉදිරිපත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ. මෙම විශේෂ කාච තැනීමට යොදාගත් මාධ්‍යය භාවිතා කරමින් හිරුගේ කිරණ වල තීව්‍රතාවයට අනුව පෙනීමේ පරාසය වෙනස් කළ හැකි අව් කණ්නාඩි විශේෂයක් තැනීමටද සැළැසුම් කර ඇතැයි සදහන් වෙයි.