එස් අයි පුරප්පාඩු 113ට අයදුම්පත් 12000ක්


(ඉන්දිකා රාමනායක)

2018 වසරේ උප පොලිස් පරීක්ෂක සහ කාන්තා  උප පොලිස්  පරීක්ෂක  පුරප්පාඩු  113 ක් වෙනුවෙන්  අයදුම් 12284 ක් ලැබී ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 

පසුගිය වසර 10  කාලය තුළ  සංඛ්‍යා ලේඛන බැලීමේ දී මෙවැනි අයදුම්පත් විශාල ප‍්‍රමාණයක් ලැබුණ ප‍්‍රථම අවස්ථාව මෙය බවද පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

උප පොලිස් පරීක්ෂක පුරප්පාඩු 92 ක්  වෙනුවෙන් අයදුම්පත් 9050 ක් ද, කාන්තා උප පොලිස් පරීක්ෂක පුරප්පාඩු 21 ක් වෙනුවෙන් අයදුම්පත් 3234 ක් ලැබී ඇති බවද පොලිසිය කියයි.