එස්.අයි. තුන් දෙනකු බැඳලා


ගැහැණුන් තිදෙනකු විවාහ කැරගත් බව කියන උප පොලිස් පරික්ෂකවරයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන බව හලාවත පොලිසිය කියයි. හලාවත කතක හා විවාහ වී දරුවකු ද සිටින ඔහු ඉන්පසු කඳානේ හා තවත් පළාතක කතක හා විවාහ වී ඇති බවත් විවාහ සහතික තුනම සොයාගෙන ඇති බවත් සහකාර පොලිස් අධිකාරී ඊ.එස්. දයාරත්න මහතාට වාර්තා කැර ඇත.