එස්. එස්. සී. මේරියන්ස් එන්. සී. සී. කෝල්ට්ස් සීමිත ඕවර ක‍්‍රිකට් අවසන් පූර්ව සටනට පිවිසෙති


අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට එස්. එස්. සී., හලාවත මේරියන්ස්, එන්. සී. සී. සහ කෝල්ට්ස් යන කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. අවසන් පූර්ව තරග හෙට (14) එස්. එස්. සී. පිල සහ හලාවත මේරියන්ස් පිල අතර එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී ද, එන්. සී. සී. පිල සහ කෝල්ට්ස් පිල අතර තරගය පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී ද, පැවැත්වේ. අවසන් මහා තරගය මේ මස 17 වැනිදා පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. පළමු වටයේ අවසන් තරගයේදී බ්ලූම්ෆීල්ඞ් පිල මේරියන්ස් පිල හමුවේ ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 18 ක පරාජයක් ලැබීම නිසා අවසන් පූර්ව තරගයට පිවිසීමේ අවස්ථාව අහිමිවිය. එම ජයග‍්‍රහණයත් සමග මේරියන්ස් පිල ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණෙමින් අවසන් පූර්ව තරගයට පැමිණීයේය. පළමු වටයේ අවසන් තරගයේදී එන්. සී. සී. පිල වෙනුවෙන් විශිෂ්ට ශතකයක් රැස්කළ ආරම්භක පිතිකරු යොහාන් ද සිල්වා තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. යොහාන් එහිදී ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව ලකුණු 107 ක් රැස් කළේය. යොහාන් මේ වන විට ඉනිම හතරකදී ශතකයක් සමගින් සාමාන්‍ය 49.5 ක් රදවා ගනිමින් ලකුණු 198 ක් රැස් කිරීමට සමත්ව සිටියි.
  • මෙම තරගාවලියේ මේ වන විට වැඩිම කඩුලූ ලාභියා වන තරංග ලක්‍ෂිත තරග හතරකදී කඩුලූ 11 ක් දවාගෙන තිබේ.  හලාවත මේරියන්ස් පිල විසින් ලකුණු 18 කින් බ්ලූම්ෆීල්ඞ් පිල පරාජය කරන ලදී.මේරියන්ස් පිල  ඕවර 49.2 කදී 245 (සුරේෂ් නිරෝෂාන් 50, මිලින්ද සිරිවර්ධන 56, උමේෂ් කරුණාරත්න නොදැවී 51, මාලින්ද පුෂ්පකුමාර 20, රමිත රඹුක්වැල්ල 38/4, තරංග ලක්‍ෂිත 48/3, උපුල් ඉන්ද්‍රසිරි 44/2)බ්ලූම්ෆීල්ඞ් පිල  ඕවර 21 කදී කඩුලූ 4 ට 99 (චාමර සිල්වා නොදැවී 34)
  • මුවර්ස් පිල විසින් ලකුණු 3 කින් රාගම පිල පරාජය කරන ලදී.මුවර්ස් පිල  ඕවර 45 කදී 190 (හසන්ත ප‍්‍රනාන්දු 48, භාතිය පෙරේරා නොදැවී 48, දිල්හාර ලොකුහෙට්ටිගේ 27, කෞෂල්‍ය වීරරත්න 39/2, ළහිරු ජයරත්න 35/2, මාලිංග බණ්ඩාර 29/2)රාගම පිල  ඕවර 23.4 කදී කඩුලූ 7 ට 147 (රුමේෂ් බුද්ධික 37, ඉයන් ඩැනියල් 27, ඉන්දික ද සේරම් 33, සමීර ද සොයිසා නොදැවී 25, උදාර පීරිස් 17/3, චතුරංග පීරිස් 8/3)
  • එන්. සී. සී. පිල සහ ද්‍රවිඩ සංගම් පිල අතර තරගය විසඳුමකින් තොරව අවසන් විය.එන්. සී. සී. පිල  ඕවර 50 යේදී කඩුලූ 5 ට 309 (යොහාන් ද සිල්වා 107, ෆර්විස් මහරුෆ් 20, ජෙහාන් මුබාරක් 30, කෝසල කුලසේකර 42, ඇන්ජලෝ පෙරේරා නොදැවී 56, තිළිණ තුෂාර 33, මධුසංඛ ඒකනායක 56/2)ද්‍රවිඩ සංගම් පිල  ඕවර 17 කදී කඩුලූ 5 ට 134 (ජීවන්ත කුලතුංග 38, අෂාන් ප‍්‍රියංජන් 40, සචිත‍්‍ර සේරසිංහ 20, සොහාන් බොරලැස්ස 24/2)