අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට එස්. එස්. සී. පිල සමත් විය. එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී ඊයේ (08* පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී එන්. සී. සී. පිල කඩුලූ 7 කින් පරාජය කිරීමට එස්. එස්. සී. පිල කිරීමට සමත් විය.
කෞෂාල් සිල්වා (නොදැවී 103) සහ තිළිණ කණ්ඩම්බි (75) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 147 සම්බන්ධතාවක් පවත්වමින් එස්. එස්. සී. පිල පහසු ජයග‍්‍රහණයක් දක්වා කැඳවාගෙන ගියහ.
කෞෂාල් සිල්වා පන්දු 113 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 103 ක් රැුස්කළේය. ධනුෂ්ක ගුණතිලක එන්. සී. සී. පිල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නරත වෙමින් ලකුණු 28 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය.
දෙවැනි අවසන් පූර්ව තරගය කෝල්ට්ස් පිල සහ රාගම පිල අතර එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (09) පැවැත්වේ.
එන්. සී. සී. පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 222 (නිරෝෂන් දික්වැල්ල 34, සඳුන් වීරක්කොඩි 33, ඇන්ජලෝ පෙරේරා 29, රමිත් රඹුක්වැල්ල 30, ළහිරු මධුසංඛ 33, චමින්ද විදානපතිරණ 15, සොහාන් බොරලැස්ස නොදැවී 12, දිල්හාර ප‍්‍රනාන්දු 45/2, ධනුෂ්ක ගුණතිලක 28/5)
එස්. එස්. සී. පිල ඕවර 42.2 කදී කඩුලූ 3 ට 223 (ධනුෂ්ක ගුණතිලක 24, කෞෂාල් සිල්වා නොදැවී 103, තිළිණ කණ්ඩම්බි 75, චමින්ද විදානපතිරණ 54/2)



