කොටදෙණියාවේදී අතවරයට ලක් කර මරා දැමුණු සේයා සදෙවුමි දැරියගේ නිවසට මිනුවන්ගොඩ මැල්ලවගෙදර රෝමානු කතෝලික විදුහලේ විදුහල්පතිවරයා විසින් ලිපියක් යොමු කර ඇත. මේ දැරියගේ අවසන් කටයුතු 15 වැනි දා සිදුවිය.
එහි සඳහන් වුණේ 2016 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණයට සැප්තැම්බර් 28 වැනි දින පෙරවරු 10.30 ට පැමිණෙන ලෙසයි.
මේ අතර මිනුවන්ගොඩ රජමහ විහාරයේ මේධංකර දහම් පාසලේ සිසුහු අද මිනුවන්ගොඩ නගරයට පා ගමනින් යමින් ඇගේ ඝාතකයන් සම්බන්ධ පරික්ෂණ සාධාරණව කළ යුුුතු යැයි උද්ඝෝෂණයක් ද කළහ.


