(අතුල බණ්ඩාර)
රජරට ප්‍රදේශයේ සහල් මිල යළිත් ඉහළ නැඟ ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
සම්බා සහල් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 140 - 160 ත් අතර මිලකටය.නඩු සහල් කිලෝවක් රුපියල් 120 - 130 ත් දක්වා ඉහළ නැග තිබේ.
කිලෝවක් රුපියල් 110 - 120 ත් අතර මිලකට කැකුළු සහල් අලෙවිකෙරෙන අතර ,සුනු සහල් (හුනුසහල්) කිලෝවක මිලද රුපියල් 120 ක් දක්වා ඉහළ දමා තිබේ.
ආණ්ඩුව පනවා තිබෙන පාලන මිලට සහල් අලෙවිකරණ තැනක් සොයාගැනීමට නැතැයි පවසන පාරිභෝගිකයෝ පවසති. රටේ පවතින වාතාවරණය සමග ඇතැම් වෙළෙන්දන් ආහාර ද්‍රව්‍ය හැම එකකින්ම උපරිම ලාභයක් ලබන්නට උත්සාහ කරන බව ද ඔවුහු පවසති.
ඇමතිවරුන් පම්පෝරි ගැසුවද පාරිභෝගික අධිකාරිය ඇතුළුව ආණ්ඩුවේ වගකිවයුතු අංශ ඒ ගැන සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවක් පෙනෙන්නට නැතැයිද පොරිභෝගිකයෝ පවසති.

