(චමිල් රුපසිංහ)
එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට රජය සුදානම් වන්නේ රට තුල නිසියාකාරව පාලනයක් කර ගැනීමට රජයට ඇති නොහැකියාව නිසා බව ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.
ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් මෙසේ පැවැසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජී එල් පීරිස් මහතා අද (22) නාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.
නාහිමියෝ මෙසේ ද පැවසූහ.
‘‘රටේ එල්ලුම් ගහ ගේන්න හදන්නෙ රජයට රටේ ඇති දූෂණ,මත්ද්‍රව්‍ය ජාවාරම නිසියාකාරව පාලනය කිරීමට ඇති නොහැකියාව නිසයි. මත්ද්‍රව්‍ය ජාවාරම රටේ සිදුවෙනවා නම් ඒවා රට තුලට ගෙන එන ක්‍රමවේද නැවැත්විය යුතුයි. නමුත් ඒව කරන්න තරම් දක්ෂතාවයක් රටේ නායකයන්ට නෑ.එන්න එන්නම රට විනාශ වෙන එක තමයි වෙන්නෙ.‘‘