එල්මෝගේ දුක සැප බලන්න ජනමාධ්‍ය ඇමැති යයි


සුවකළ නොහැකි අසනීපයකින් පසුවන ජනප්‍රිය නිවේදක එල්මෝ ප්‍රනාන්දු මහතාගේ සුව දුක් විමසීමට පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා තලංගම පිහිටි ඔහුගේ නිවසට ගියේය.

හලාවත උපත ලද එල්මෝ ප්‍රනාන්දු වසර 47ක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද  තම නිර්මාණශීලී කටහඬ උපයෝගී කරගෙන මාධ්‍ය මෙහෙවරක නිරතවිය.

එල්මෝ වසර 47ක් පුරා ප‍්‍රකට නිවේදකයෙකු ලෙසද කටයුතු කර තිබේ. බී.බී.සී ලෝක ප‍්‍රවෘත්ති සේවයට සම්බන්ධ ශී‍්‍ර ලාංකිකයෙකු ලෙසට යුග මෙහෙවරක් ඉටු කර ඇති එල්මෝ ප‍්‍රනාන්දු ගේ සුවදුක් බැලීමට ගිය ජනමාධ්‍ය ඇමතිවරයා ඔහුගේ අමිල සේවය ඇගයීම ලක් කළේය.

දරු තිදෙනෙකුගේ පියෙක් වූ එල්මෝ ප‍්‍රනාන්දු මහතා බොහෝ කාලයක් ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප‍්‍රවෘත්ති නිවේදකයෙකු ලෙසද කටයුතු කර තිබේ. තමාගේ සුවදුක් බැලීමට තම නිවසටම පැමිණීම පිළිබඳව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට තම කෘතඥතාවය පළකර සිටි එල්මෝ ප්‍රනාන්දු ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් තමාට ලැබිය යුතු විශ‍්‍රාම වැටුප ලබා දෙන ලෙස ඇමැතිවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.

ඇමැති ගයන්ත කරුණාතිලක මහතා එම අවස්ථාවේදීම ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නන්ද මුරුත්තේට්ටුවගම මහතාට දුරකථනයෙන් කථා කර මෙම ඉල්ලීම පිළිබඳව හැකි ඉක්මනින් කටයුතු කරන ලෙසද දැන්වීය.

12165776_1020806147412102520151020_156399032_n 12167630_1020806147424102820151020_1916897490_n 12170312_10208061474161026_20151020736240153_n