එල්ටීටීඊ රත්තරං සොයන්නට ගිය තුනක් කොටුවෙති


සිතුම් චතුරංග
 
එල්.ටි.ටි.ඊ පැරණි කඳවුරක් තුල සඟවා තිබෙන රත්‍රං තොගයක් සොයා මුලතිව් විශ්වමඩු ආදිවිනයාගර් කෝවිල අසල බැකෝ යන්ත්‍රයකින් කැණීම් සිදුකළ හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයකු ඇතුළු තිදෙනකු  අත්අඩංගුවට ගත් බව පුදුකුඩුඉරිප්පු පොලිසිය කියයි.
 
ලක්ෂ 70 පමණ වටිනා බැකෝ යන්ත‍්‍රයක් සොරකම්කරගෙන ගොස් එල්.ටි.ටි.ඊ සංවිධානය   කැණීම් සිදුකරන පිරිසක් පිළිබඳ  පුදුකුඩිරිප්පු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.ඩි. චන්ද්‍රපාල මහතා වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
             
කැණීම් සිදුකළ ස්ථානයේ විශ්වමඩු ප‍්‍රදේශයේ පිහිටි පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක් බවද කියති.