
(නිමන්ති රණසිංහ)
ත්‍රස්වාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන වසර 08ක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එල් ටී ටී ඊ රැඳවියකු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව නිදහස් කළ බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
මෙසේ නිදහස් කර ඇත්තේ ‘කපිලන්’ නමැති එල් ටී ටී ඊ රැදවියෙකි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු අත්අඩංගුවට ගනුලැබ තිබුණේ ඉකුත් 2011 වර්ෂයේදී බවත්, පසුව වසර තුනක් එම දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු 2013 වර්ෂයේදී බන්ධනාගාර ගත කළ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
ඒ අනුව වසර 11කට පසු මෙම කපිලන් නමැති එල් ටී ටී ඊ රැඳවියා සම්බන්ධයෙන් විමර්ශනව අවසන්ව ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු සැලකිල්ලට ගෙන ඔහු නිදහස් කිරීමට මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

