ඩයනා උදයංගනී
කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමට ලබාදීම සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කැබිනට් මණ්ඩලයට අද (19) ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව මෙම ටෙන්ඩරයට අදාළ චීන සමාගමට ලබාදීම අත්හිටුවා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ජාතික ප්‍රසම්පාදන කොමිසම වෙත යොමුකොට එහි නිර්දේශයන්ට අනුව කටයුතු සිදුකළ යුතු බවට කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
එහි නිර්දේශ දෙසතියක් තුළ ලබාගෙන ඒ අනුව සුදුසුකම් ලත් වෙනත් සමාගමකට ටෙන්ඩරය පිරිනැමීමට ද කැබිනට් මණ්ඩලය එකඟ වී ඇත.
පසුගිය දින කිහිපය තුල සමාජය තුල දැඩි ලෙස කතාබහට ලක්වූ මෙම ටෙන්ඩරය චීනයට ලබාදීම පිළිබඳව කැබිනට් හමුවේදී අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ප්‍රශ්න කර ඇති අතර මහජන මතයට පිටින් ක්‍රියාත්මක වුවහොත් ආණ්ඩුවට වැඩිකල් නොයා දරුණු ප්‍රතිපල වලට මුහුණ දීමට සිදුවනු ඇති බව එම අමාත්‍යවරුන්ගේ මතය වී තිබේ.
මෙම ටෙන්ඩරය චීන සමාගමට හිමිවූවා නම් ඩොලරයේ වෙනස්වීම මත මෙම බලාගාරය ඉදිවූ පළමු වසරේදී රුපියල් මිලියන 2600ක අලාභයක් සිදුවන අතර සම්පූර්ණ අලාභය රුපියල් බිලියන 50 ඉක්මවන බව වාර්තා වේ.