එල්.එන්.ජී කොන්ත්‍රාත්තුවට ඉහළ බලපෑම්


රන්ජන් කස්තුරි

කෙරවල පිටියේ ස්වාභාවික වායු (එල්.එන්.ජී) සංයුක්ත වක්‍ර විදුලි බලාගාරයක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දීමට සුදුසුකම් ලැබූ දේශීය සමාගමක් ඉවත්කර එම කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ලබාදීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.

ලංකා විදුලි බල මණ්ඩලයටද කොටස් හිමිකාරිත්වයක් සහිත ලක්ධනව් සමාගම එම කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබියදී අමාත්‍යංශ ඉහළ නිලධාරියකුගේ බලපෑම් මත ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේදී එය ප්‍රතික්ෂේප කර තිබේ.