(ඉන්දිකා රාමනායක)
ධීවර කටයුතු සදහා මඩකලපුව එරාවුර් ප‍්‍රදේශයෙන් මුහුදු ගිය කුඩා ධීවර යාත‍්‍රා (ඩිංගි බෝට්ටු) 19 අයහපත් කාලයගුණය හේතුවෙන් ආගිය අතක් නැතැයි තොරතුරු ලැබුණ බව නාවික හමුදාව කියයි.එම බෝට්ටු සොයා නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
පුන්නකුඩා ප‍්‍රදේශයෙන් ගිය යාත‍්‍රා 9 ක් සහ සව්කඬේ ප‍්‍රදේශයේ මුහුදු ගිය යාත‍්‍රා 10 ක් මෙලෙස ඇතුරුදන්ව ඇති බව තොරතුරු ලැබුණ බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් චමින්ද වලාකුලූගේ මහතා පවසයි.
මෙම ධීවර යාත‍්‍රා සෙවීම සදහා නැගෙනහිර නාවික විධානයට අයත් ඩෝරා යාත‍්‍රා දෙකක් යොදවා ඇති බවත් අතුරුදන් බෝට්ටු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් හෙළි නොවු බවත් වලාකුලූගේ මහතා කියයි.

