එමිල් රන්ජන් - රංගජීව 24 දා දක්වා යළි රිමාන්ඩ්


(ළහිරු හර්ෂණ)

වැලිකඩ බන්ධනාගාරය තුළ දී  රැඳවියන් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් එවකට මැගසින්  බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ලබන 24 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි  කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  රංග දිසානායක මහතා  අද (10) නියෝග කළේය.

බන්ධනාගාර නිලධාරීන් සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ කාර්යමණ්ඩලයේ  පිරිසක් ඔවුන්ට සහය දැක්වීම සඳහා  ඔවුන්  අධිකරණයට රැගෙන එද්දී   අධිකරණය භූමියේ රැදී  සිටියහ.

එම අවස්ථාව ආවරණ කිරීමට   එහි ගිය මාධ්‍යවේදීන්ට ද රැස්ව සිටි පිරිසගෙන් බාධා එල්ල විය.