වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ රිමාන්ඩ් කළ එමිල් රංජන් ළමාහේවා මහතා සහ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා බන්ධනාගාර රෝහලට මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයට කඩා වැදී එහි සිටි රැඳවියන් 27 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක රංගජීව මහතා අත්අඩංගුවට ගත් අතර වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ එවකට බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා මහතා අද අත්අඩංගුවට ගත්තේය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ දෙදෙනාම අසනීප බව කියමින් කොළඹ ජාතික රෝහලත ඇතුළත් වූහ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකරුවන් සිටි කොළඹ ජාතික රෝහලට ගොස් පරීක්ෂා කළ බලා ලබන 10 වැනි දා තෙක් ඔවුන් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.
සැකකරුවන් රිමාන්ඩ් කිරීමෙන් පසු ඔවුන් කොළඹ ජාතික රෝහලේ සිට බන්ධනාගාර රෝහලට මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
(072)