එමිල් රංජන් - රංගජීව රෝහලට


2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ දී  රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්  එවකට මැගසින් බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස්  පරීක්ෂක නියෝමාල්  රංගජීව මහතා ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි  පොලිස් ආරංචි මාර්ග පවසයි.

අද (29) සවස මහේස්ත්‍රාත් වරයා රෝහලට ගොස් ඔවුන් පරීක්ෂා කිරීමට නියමිත බව ද එම ආරංච් මාර්ග කියයි.

(072)