එම්ආර්අයි තාක්ෂණය දියුණු කිරීම සඳහා පුරෝගාමී වූ බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යා මහාචාර්ය වෛද්‍ය ජෝන් මල්ලාඩ් මහතා මියගොස් තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 94කි.
ඔහු බ්‍රිතාන්‍යයේ ඇබර්ඩීන් විශ්ව විද්‍යාලයේ අරම්භක මහාචාර්යවරයෙකි.
ඔහු ලොව පළමු එම් ආර් අයි ස්කෑනරය තැනීම සිදුකළ කණ්ඩායමේ නායකත්වය දැරීය.
එම්ආර්අයි යනු ශරිරය අභ්‍යන්තරයේ සවිස්තරාත්මක රූප ලබාගැනීම සඳහා ශක්තිමත් චුම්බක ක්‍ෂේත්‍ර සහ ගුවන් විදුලි තරංග භාවිතා කරන ස්කෑනර් වර්ගයකි.
අද එම්ආර්අයි තාක්ෂණය, පිළිකා, ඩිමෙන්ෂියාව සහ පුළුල් පරාසයක වෙනත් රෝග සහ තුවාල හඳුනාගැනීම සඳහා ලොව පුරා භාවිතා වේ. මෙය මිනිස් ශරීරයේ රෝග හඳුනා ගැනීම සහ අධ්‍යයනය කිරීම සඳහා ලොව භාවිතා වන බලවත්ම මෙවලම් වලින් එකකි.
ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත වෛද්‍යවරු මේ වනවිට එම්ආර්අයි තාක්ෂණයේ උපකාරයෙන් රෝග හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදුකරති.
(ඩේලිමේල් ඇසුරිණි - 085)

