එම්.කේ.ඒ.ඩි.එස්. ගුණවර්ධන ශාලාව මහින්ද රාජපක්ෂ නමට


( අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වු දිවංගත අමාත්‍ය එම්.කේ.ඒ.ඩි.එස්. ගුණවර්ධන මහතා නමින් නම්කර ලබන අගෝස්තු 10 වැනිදා  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  මහතා ගේ ප්‍රධානත්වයෙන්  විවෘත කිරිමට නියමිතව තිබු  කන්තලේ නගර ශාලාව මහින්ද රාජපක්ෂ  නගර ශාලාව ලෙස නම් කිරිමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණු බලය හිමි කන්තලේ ප්‍රාදේශිය සභාව  මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රි ලංකා පොදුජන  පෙරමුණේ ප්‍රාදේශිය සභා  මන්ත්‍රිවරුන් බහුතරයකගේ අදහස වි ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම නගර ශාලාව ඉදිකිරිමට මුදල් ලබාදිම නිසා එසේ කළ යුතු බවය.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රිවරු ගත් තීරණය පිළිබදව  අදහස් දැක්වු කන්තලේ ප්‍රාදේශිය සභාවේ  සභාපති  සමන් ඒකනායක මහතා   මෙසේ පැවසීය.

‘ හිටපු ජනාධිපති මහින්ද  රාජපක්ෂ පාලනය සමයේ  ආර්ථික  සංවර්ධන අමාත්‍ය බැසිල්  රාජපක්ෂ මහතා උතුරු නැගෙනහිර  පළාත් පාලන ආයතන යටිතල පහසුකම් දියුණු කිරිමේ  ව්‍යාපෘතිය යටතේ මුදල් ලබාදි මෙම නගර ශාලාව  ඉදිකළ බවය.

එහි අඩුපාඩු රැසක් තියෙනවා.විවෘත කිරිමට  ප්‍රථම ඒවා සකස් කිරිමට  මිලියන 13ක ඇස්තමේන්තුවක් නැගෙනහිර ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළා.ඉන් මිලියන 07ක්  ලැබුණා. සම්පුර්ණ මුදල නොලැබුණ හොත් එදාට ජනාධිපතිතුමාට කලින් අපේ මන්ත්‍රිවරු නගර ශාලාව විවෘත කරාවි. එවිට මටත් මන්ත්‍රිවරු පාලනය කරගන්න බැරිවේවි යැයි කීය.