ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අද්වීතීය නායකයා වන මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ ‘එම් එස් දෝනි - ‘දි අන්ටෝල්ඩ් ස්ටෝරි’ (නොකියූ කතාව) සඳහා රංගනයෙන් දායක වූ ප්‍රකට ඉන්දියානු රංගන ශිල්පී සන්දීප් නහාර් මහතා දිවි නසාගෙන තිබේ. මුම්බායි පොලිසිය එම දිවි නසාගැනීම තහවුරු කර ඇත.
දිවිනසාගැනීමට පෙර සමාජ මාධ්‍ය ජාලයක ඒ සම්බන්ධයෙන් සටහනක් තැබූ ඔහු, පෞද්ගලික ගැටලු මත දිවිනසාගැනීමට තීරණය කළ බව සඳහන් කර තිබිණි. ඒ සමඟ වීඩියෝවක ද පෙනී සිටිමින් එයද මුහුණුපොතට ඇතුළත් කර තිබිණි.
මුම්බායිහි ඔෂිවාරාහි පිහිටි නිවාස සංකීර්ණයක දී, සිවිලිමේ පංකාවක එල්ලී ඔහු දිවි නසාගෙන තිබිණි. මේ බව දුටු ඔහුගේ බිරිඳ, නිවාස සංකීර්ණයේ හිමිකරු සමඟ එක්ව ඔහුව පෞද්ගලික රෝහල් දෙකකට රැගෙන ගොස් ඇති නමුත්, ඒවනවිටත් ඔහු මිය ගොස් සිටි බව දැනගන්නට ලැබී තිබේ. පසුව, ඔහුගේ බිරිඳ ඒ සම්බන්ධව පොලිසිය දැනුවත් කළ බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මුම්බායි පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
‘එම්. එස්. දෝනි’ සිනමාපටයේ දෝනිගේ මිතුරා ලෙස රංගනයෙන් දායකත්වය දක්වන්නේ සන්දීප් නහාර්ය. එම සිනමාපටයේම දෝනිගේ චරිතය වෙනුවෙන් පෙනී සිටි සුප්‍රකට රංගන ශිල්පී සුශාන්ත් සිං රාජ්පුත්ද ඉකුත් වසරේ දිවි නසාගත් අතර ඒ සම්බන්ධයෙන් ද දැඩි ආන්දෝලනයක් ඇතිවිය.
ආක්ෂේ කුමාර් නිෂ්පාදනය කළ ‘කේසාරි’ චිත්‍රපටයේත් සන්දීප් නහාර් රඟපෑවේය.
- ඉන්දියා ටුඩේ අනුග්‍රහයෙනි -
16844

(සන්දීප් නහාර් සුෂාන්ත් සිං සමඟ)

