එපා කියද්දී සැත්කමක් කරලා


අනුරාධපුර රෝහලේ නිර්වින්දන වෛදවරයාගේ උපදෙස් නොතකා සැත්කමක් කිරීමෙන් ආර්.පී. බේබිනෝනා මහත්මිය මිය ගියාය. ඇගේ මොළයේ ලේ කැටි ගැසීමකට මේ සැත්කම කැරිණි.  රෝහල් අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඇම්.පී.බී. විජේකෝන් මහතා පැවැසුයේ තමාට මේ ගැන වාර්තාවී ඇති බවයි. මරණයට හේතුව සොයා පරීක්ෂණයක් කරන බව ද ඔහු පවසයි.