(ඩයනා උදයංගනී)
කොවිඩ් මර්දනය සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල තවත් දිස්ත්‍රික්ක 13කදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ඒ අනුව මාතලේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, පොලොන්නරුව, කුරුණෑගල, පුත්තලම සහ මොණරාගල, නුවරඑළිය, හම්බන්තොට, අනුරාධපුර, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කරන බව අමාත්‍යවරිය සඳහන් කළාය.
මාතලේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, පොලොන්නරුව, කුරුණෑගල, පුත්තලම සහ මොනරාගල යන දිස්ත්‍රික්ක වලට එන්නත් මාත්‍රා 25,000 බැගිනුත් නුවරඑළිය, හම්බන්තොට, අනුරාධපුර, බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා 50,000 බැගින් ලබා දීමට තීරණය කර ඇතැයි කී අමාත්‍යවරිය කීවාය.
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසුවේ කොවිඩ් 19 උවදුර මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදුකරන එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් හා පළාත් සෞඛ්‍ය බලධාරීන් සමඟ සුම්තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවකට අද (7) එක්වෙමිනි.
බස්නාහිර පළාත, ගාල්ල, මාතර, කළුතර, රත්නපුර සහ යාපනය යන දිස්ත්‍රික්කවල ජනතාවට සිනොෆාම් එන්නත ලබාදීම මේ දිනවල සිදුවන අතර එය ලබාගත් සියලු දෙනාට එහි දෙවන මාත්‍රාව සති හතරකට පසු නියමිත දිනවලදී ලබාදෙන බව ද අමාත්‍යවරිය කීවාය.
සිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්‍ෂ 10ක් අනිද්දා (09) දිනයේදී මෙරටට ලැබෙන බව කී අමාත්‍යවරිය මේ ඒවා ලබාදීමේදී ප්‍රමුඛතාව දිය යුතු කණ්ඩායම් ආදිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පැවති කොවිඩ් කාර්ය සාධන බලකායේ දී තීන්දු කර ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කර ඇතැයි ද සඳහන් කළාය.
එහිදී වයස අවුරුදු 60ට වැඩි අයට, ඇගලුම් ඇතුළු කර්මාන්ත ශාලා වල සේවය කරන අයට, ක්‍ෂේත්‍ර රාජකාරීවල නිරත රජයේ නිලධාරීන්ට ප්‍රමුඛතාවය ලබා දිය දෙන බව ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

