(ටී.කේ.ජී.කපිල )
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10 ක් අද දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය.
ශ්‍රී ලංකාව විසින් මිළ දී ගෙන , මෙරටට රැගෙන ආ දෙවන එන්නත් මාත්‍රා තොගය මෙයයි
එම එන්නත් තොගය ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ආනයන අංශයේ ශීතකරණ තුළ ගබඩා කළ අතර , පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑම සිදු කෙරුණි .



