එන්නත් දෙකක් එකවර දීම ගැන විශේෂ පරීක්ෂණයක්


(සුජිත් හේවාජුලිගේ)

පේරාදෙණියේ කාන්තාවකට මොඩර්නා  කොරෝනා මර්දන   එන්නත් මාත්‍රා දෙකම එකවර ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වා තමාට වාර්තාවක් ලබාදෙන ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා ලංකාදීපයට පැවැසීය .

මෙය නොවිය යුතු සිද්ධියක් බවද  හෙතෙම සඳහන් කළේය .

මෙතැනදී සෞඛ්‍ය අංශ නිලධාරීන්ට මෙන්ම එන්නත ගත් පුද්ගලයාටද කිසියම් වගකීමක් තිබූ බවත් එන්නත්  දෙකම ලබා ලබා ගැනීමෙන් සිදුවූයේ එන්නත් මාත්‍රාවක් අපතේ යෑම පමණක් බවත් ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් ඒ කාන්තාවට  සෞඛ්‍යමය පැත්තෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බව කී පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මෙවැනි සිදුවීම් ලෝකයේ අනන්තවත් සිදු වී ඇතැයිද පැවසුවේය.

එන්නත ලබා ගත් පුද්ගලයා මෙන්ම එන්නත ලබා දුන් අයද මෙයට වගකිව යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ  වැඩපිළිවෙල වේගවත් කර ඇති බවත්
දිස්ත්‍රික්කයේ ලක්ෂ 8 කට වැඩි පිරිසකට දැනට එන්නත ලබාදී ඇති බවත් වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා කීවේය.