එන්ටීජේ සාමාජිකයා ඇවිත් ගියාට පසු නොසන්සුන් වාතාවරණයක්


(ප්‍රසන්න පත්මසිරි)

ජාතික තව්හීත් ජමාත් (එන්.ටී.ජේ.) සංවිධානයට  සම්බන්ධයැයි  අත්අඩංගුවට ගෙන පසුව ඇප  ලැබූ  බිබිල අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුතු  ගුරු උපදේශකවරයකු නැවත  අද (08) සේවයට වාර්තා කිරීමෙන්  පසු එම කලාප කාර්යාලයේ යම් නොසන්සුන් තතත්වයක් ඇති වී තිබේ.

ජාතික තව්හීත් ජමාත් (එන්.ටී.ජේ.) සංවිධානයට අයත් ලියකියවිලි, සී.ඩී  ඇතුළු උපකරණ රැසක් සමඟ ඔහු   මීට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊයේ (07) ඔහුට ඇප ලැබී තිබේ.

අද  උදෑසන සිය සේවා ස්ථානයට  වාර්තා කර ඇති ඔහු  අත්සනක් තබා පිටව ගොස් ඇතැත් සෙසු කලාප කාර්යාල ගුරුවරුන් ඇතුළු සේවකයෝ සිය රාජකාරී ඇරැඹිමකින් තොරව කාර්යාලයෙන් පිටතට වී සිටිති.

කෙසේ වෙතත් ඇති වී තත්ත්වය පිළිබඳව  පොලීසිය  දැනුම්වත් කිරීමෙන් පසු පොලීසිය හා යුද හමුදාව එක්ව කාර්යාලය හා අවට පරීක්ෂා කරමින් සිටිති.