එන්.ජී. ඕ කැරැට්ටුව බුදුපුත් ඇසින්


මෙරට ක‍්‍රියාත්මක වන රජ්‍ය නොවන සංවිධාන රැසක් බුද්ධාගමටත් සම්ප‍්‍රදායික කතෝලික ආගමටත් එරෙහිව කටයුතු කරමින් විවිධ අන්තවාදී කණ්ඩායම්වලින් විශාල ධනස්කන්ධයක් උපයතියි කෝටටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියෝ පවසති. ඒ නිසා ඒවා නියාමනයකට යටත් කොට විධිමත් කිරීමට රජය වහා කටයුතු කළ යුතුව ඇතැයි ද ඒ හිමියෝ කොළඹ, විද්වත් වෘත්තිකයන්ගේ කාර්යාලයයේ දී පැවැසුවේය.