එදා මහා වීදි අද හයි වේ


කොළඹ කටුනායක අධිවේගී මාර්ගය 2013 වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයට යා කළ හැකි වෙති යි ද, කටුනායක ගුවන් තොටේ සිට වත්තල ගුවන් තොටට ද කොළඹ මහනුවර, කොළඹ ත‍්‍රීකුණාමලය හා කොළඹ යාපනය දක්වා ද  සුපිරි මාර්ග ඉදි කරන බව මහින්ද රාජපක්‍ෂ ජනපති කරන්දෙණියේදී ප‍්‍රකාශ කෙළ්ය. දඹදෙණි යුගයේ පාරවල් අඩි 200ක් පමණ පුළුල් කැර  බෙර ඇහැක් සේ ඔපමට්ටම් කැර තිබු බව ද සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව රැගත් රන් පාත‍්‍රය (උස රියන් නවයයි පළල රියන් පහයි) අනුරාධපුරයට වැඩම කෙළේත්, එදා චීනයෙන් රුහුණේ ගොඩවාය වරායට ගෙන ආ භාණ්ඩ අනුරාධපුරයට රැගෙන ගියේත්,  අපේ රටේ තුබූ මහා වීදි (මහාවේ) වලින් විය හැකි යැයි ද ජනපති කීවේය.