එදා බියගම දියුණු කළා වගේ අද රටම දියුණු කරනවා


(අංජුල මහික වීරරත්න)

බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපයේ මුළු රටම ඉදිරියට ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තමා දේශපාලන ජීවිතය ඇරැඹීමට  බියගම ආසනයට එන විට එම ප්‍රදේශය ඉතා නොදියුණු බව සිහිපත් කළ ජනාධිපතිවරයා බියගම ආයෝජන කලාපය පිහිටුවීම ඇතුළු එදා තමා ගත් නිවැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් බියගම ඉතා කෙටි කලකදී විශාල දියුණුවක් ලැබූ බව කීය.

ඒ අයුරින් විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් රට පුරා නව ආයෝජන කලාප ඇති කර මෙරට ජාතික ආර්ථිකය දස ගුණයකින් ඉහල නංවා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  සපුගස්කන්ද  අබේසේකරාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය සහ රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සපුගස්කන්ද අබේසේකරාරාමාධිපති  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ  අනුශාසනා පරිදි සපුගස්කන්ද අබේසේකරාරාමය, සාංචි චේතියගිරි  විහාරයන්හි නියෝජ්‍ය විහාරාධිපති බානගල විමලතිස්ස හිමිගේ මෙහෙයවීමෙන් මෙම ආගමික වැඩසටහන සංවිධාන කර තිබිණි . එදා බියගම දියුණු කළා වගේ අද රටම දියුණු කරනවා