එතෙරින් ගෙනා පතොක් පැල 200 ක් ගුවන් තොටුපළේදී මාට්ටු


(යොහාන් භාසුර)

තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියකුගේ ගමන් මලු දෙකක් තුළ සඟවා ගෙන ආ පතොක් වර්ගයේ පැල 202 ක් සහ  සුරතල් මසුන් 6 දෙනකු ශ්‍රී ලංකා රේගුවේ කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

මෙම පැල සහ මසුන්ගේ වටිනාකම රුපියල් 117,500 ක් බවත් රේගු පරීක්ෂණයක් පවත්වා භාණ්ඩ රාජසන්තක කර සැකකරුට දඩ නියම කළ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කීය.