(නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
ශ්‍රි ලංකාවේ 70 වෙනි නිදහස් සැමරුම් උත්සවය සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස ශ්‍රි ලංකාවට සම්ප්‍රාප්ත වී සිටින දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ පුත් එඞ්වර්ඞ් කුමරු හා එම ආර්යාව අද දින නුවරඑළිය පිහිටි විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා පිහිටුවා ඇති මෙන්කැෆේප් පාසල නිරීක්ෂණය කිරීමට එක් වූහ.
මෙන්කැෆෙප් ආයතනයේ නිර්මාතෘ ආචාර්ය ක්‍රිස්ට් ස්ට්‍රබ්ස් මහතා හා රංජි ස්ට්‍රබ්ස් යන යුවලගේ ආරාධනා පරිදි නුවරඑළියේ මෙන්කැෆෙප් ආයතනයට පැමිණි රාජකීය එඞ්වර්ඞ් කුමරා හා සොෆි රයිස් කුමරිය දෙදෙනා පැයක පමණ කාලයක් මෙන්කැෆ් ආයතනයේ සෙවන ලබන දුදරුවන් සමඟ ගත කර ඇත.





