(ටී.කේ.ජි.කපිල )
බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු දින 6 ක ශ්‍රී ලංකා සංචාරයක් සඳහා අද (31) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
එඩ්වඩ් කුමරු සමග ඔහුගේ ආර්යාව වූ සොපී රීස් ජෝන්ස් මැතිනිය සහ දූත පිරිස සමඟ තවත් 7 දෙනෙක් ද පැමිණ සිටියහ.
මොවුන් ශ්‍රී ලංකාවේ නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් සේ සහභාගි වීමට මෙසේ පැමිණි බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය .
මෙම පිරිස පෙබරවාරි 5 වැනි දා මෙම සංචාරය නිමවා ආපසු පිටත්ව යෑමට නියමිතය .
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ




