එඩ්වඩ් කුමරු අරලියගහ මැදුරේ


ශාන්ත රත්නායක 
 
70 වැනි ජාතික නිදහස් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස මෙරටට පැමිණි එඩ්වඩ් කුමරු සහ ආර්යාව අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූහ.
 
අරලියගහ මන්දිරයේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති එඩිම්බරෝ ආදිපාදී ජාත්‍යන්තර තිලිණ ප්‍රදානෝත්සවයට ද එඩ්වඩ් කුමරු සහ ආර්යාව සහභාගී වූහ.