දෙහිවල - එච්.එම්. ධර්මපාල
මෙවර පෙබරවාරි 04 දා පැවැත්වෙන 70වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් සහභාගි වීමට පැමිණ සිටින එක්සත් රාජධානියේ එඩ්වඩ් කුමරු සහ ආර්යාව වන සොෆි රයිස් කුමරිය රත්මලාන අන්ධ විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැති සිසු සිසුවියන්ගේ දක්ෂතා එළිදැක්වීමේ ප්‍රදර්ශනයකටද සහභාගී වූහ.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් එම රාජකීය යුවළ උණුසුම් ලෙසින් පිළිගන්නා ලදී.
සමරු උත්සවයේදී විද්‍යාලයීය සමරු සටහන් පොතේ එම යුවල විසින් විශේෂ සමරු සටහන් තැබීය.





