ලංකාව ලෝකයට එකතු කර ලෝක වෙළඳපොළ ජයග්‍රහණ කර ලොව දිනිය යුතු වුවත් අප රටේ වෙළඳපොළ තරගකාරීත්වය පහළ යෑම නිසා එය දිනෙන් දින ගිලිහෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ආර්ථිකය ඩිජිටල් කර තාක්ෂණයේ සම්පූර්ණ ඵල නෙලිය යුතු බවත් රාජපක්ෂලා පසුගිය අවුරුදු 10 බිඳ දැමූ ආර්ථිකයට නැවත පණදෙන බවත් ඒ සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බවත් ඒ මහතා කීවේය.
අද කොළඹ පැවති අගමැති මැතිවරණ ප්‍රචාරක කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් හර්ෂ ද සිල්වා මහතා එසේ පැවසීය.



