එජාපෙ රැස්වීමට ඇමතිවරුන් නැති වීම ගැන කනස්සල්ල


(රංජන් කස්තුරි)
 
කො‍‍‍ළඹ අරලියගහ මන්දිරයේදී අද (18) පස්වරුවේ පැවති එක්සත් ජාතික  පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට කැබිනට් ඇමතිවරුන් වැඩි පිරිසක් සහභාගි නොවීම පිළිබඳව එජාප මන්ත්‍රීවරුන් පිරිසක් කනස්සල්ල පළකර ඇතැයි වාර්තා වේ.

 
එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අධිකරණය සම්බන්ධයෙන් , අලුතින් සමෘද්ධි සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් හා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබඳවද සාකච්ඡා කිරීමට මන්ත්‍රීවරුන් සූදානමින් සිටියද එම විෂයන් සම්බන්ධයෙන් වගකීම දරන ඇමතිවරුන් නොපැමි‍ණීම හේතුවෙන් මන්ත්‍රීවරුන් කණස්සල්ල පළකර ඇතැයිද වාර්ථා වේ.
 
පක්ෂ අරංචි මාර්ග සඳහන් කරනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසෝක ප්‍රියන්ත හා සිඩ්නි ජයරත්න යන මහත්වරුන් කණ්ඩායම් රැස්වීමට සහාභාගි නොවූ ඇමතිවරුන් සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරමින් අදහස් දක්වා ඇති බවයි.
 
මේ අතර රාජීත සේනාරත්න , ලක්ෂ්මන් කිරිඇල්ල , සාගල රත්නායක , ගයන්ත කරුණාතිලක , ඩී.එමී ස්වාමිනාදන් සහ වජිර අබේවර්ධන සහ මහත්වරුන් ඇතුළු ඇමතිවරුන් පිරිසක් එජාපෙ කණ්ඩායම් රැස්වීමට සහාභාගි වී සිටි බවද පක්ෂ අරංචි මාර්ග සඳහන් කරයි.