එජාපයේ මුල්පුටු පෙරළෙයි


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ පක්ෂයේ ප්‍රධාන තනතුරු වලට අලුතින් තෝරා පත්කර ගැනීම ඊයේ සිදු කෙරිණි.

ඒ අනුව එක්සත්ත ජාතික පක්ෂයේ සභාපති ධූරයට උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම්, මහ ලේකම් තනතුරට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක ධූරයට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ භාණ්ඩාගාරික ධූරයට ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය ආචාර්්‍ය හර්ෂද සිල්වා යන මහත්වරුන් පත් කිරීම එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලය තීරණය කළේය.

ඊට අමතරව එක්සත්  ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාත්  එක්සත් ජාතික පක්ෂ උප නායක වශයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාත් පත් කිරීම9ට දේශපාලන මණ්ඩලය තීරණය කළේය.

එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලය කොළඹ අරලියගහ මන්දිරයේ රැස්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.