(විනීතා එම් ගමගේ)
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජුලි මස 01වැනිදා සිට ආරම්භ කිරීමට එක්සත් ජාතික පෙරමුණේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්ව තීරණය කළ බව පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
ඕනෑම මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් මෙම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගෙනයාමට එහි දී තීරණය කළ බව ද හෙතෙම කියා සිටියේය.
අමාත්‍යවරුන් අමාත්‍යංශවලින් එළියට බැස මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට තීරණය කළ බව ද කාරියවසම් මහතා පැවැසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී රැස්ව සාකච්ඡා කර තීරණ රැසකට පැමිණි බව ද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (21) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

