
(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා සුදුසුම පුද්ගලයා වන රුවන් විජයවර්ධන මහතා හා එක්ව පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට එක්වන්නැයි සියලුම පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය කියයි.
ජනතා ආකර්ෂණය දිනාගෙන ඇති තරුණ, පිරිසිදු නායකයෙකු වන රුවන් විජයවර්ධන මහතාට පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙය වීමේ ශක්තිය ඇති බවද එක්සත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී කැඳවූ මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව පැවසූහ.
එහිදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
පසුගිය මහ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලැබූ පරාජයන් එක්ක පක්ෂයට නව නායකත්වයක් පත්විය යුතුයි කියන මතයක් ඇති වෙලා තියනවා.
පක්ෂ නායකත්වය ගැන තීරණයක් ගන්න කියලා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බොහෝ පිරිසක් ඉල්ලා සිටියා. ඒ වගේම පක්ෂය ඉදිරියට ගෙන යාම සඳහා එතුමාගේ දැනුම අත්දැකීම් ලබා දෙන ලෙසත් ඉල්ලීම් ඉදිරිපත් වුණා.
එම අදහස එතුමා කිසිම වෙලාවක ප්‍රතික්ෂේප කළේ නැහැ. පක්ෂය තරුණ නායකත්වයකට ලබාදිය යුතුයි කියලා එතුමා තීන්දුවක් ගත්තා.
පක්ෂ නායකත්වයේ එතුමාට වඩා වයසක කෙනෙකුට දීලා වැඩක් නැහැ. ඉදිරි දශක දෙක තුළ පක්ෂය ඉදිරියට ඇදගෙන යන්න පුළුවන් දක්ෂ තරුණ පිරිසිදු නායකත්වයක් පක්ෂයට ලබා දිය යුතුයි.
කඩා වැටී ඇති පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමේ අභියෝගය තරුණ නායකයෙක් විදිහට රුවන් විජයවර්ධන මහතා භාරගෙන තියෙනවා. තරුණයෙක් විදියට එතුමා මේ අභියෝගය භාරගෙන පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන අපි අගය කරනවා.
පක්ෂය වැටී ඇති අගාධයෙන් ගොඩ ගෙන යළි පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමේ ශක්තිය රුවන් විජයවර්ධන මහතාට තියෙනවා.
උගත්කම, තරුණකම, නායකත්වය දරා ගැනීම, ජනතා ආකර්ෂණය කියන නායකත්වය සඳහා තිබෙන සියලු සුදුසුකම් එතුමා සපුරා ඇති බව අපේ විශ්වාසයයි.
දූෂණ චෝදනා, මූල්‍ය අක්‍රමිකතා ආදී සිද්ධීන් හේතුවෙන් පාක්ෂිකයන් අපේ පක්ෂ නායකයන් එක්ක තරහෙන් හිටියා. කිසිම දවසක කිසිම කෙනෙක් රුවන් විජයවර්ධන මහතාට හොරෙක් කියලා ඇඟිල්ල දික් කරල නැහැ. එතුමාගේ තරුණ පිරිසිදු නායකත්වය ජනතාව අද ඉල්ලනවා.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)

