( අංජුල මහික වීරරත්න )
එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පත් කරනු ලැබ තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක සහ අගමැති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් උප සභාපති ධුරය පිරිනැමීමේ පත්වීමේ ලිපිය මංගල සමරවීර මහතාට බාර දී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධාන යෝජනා ලබා ගැනීම සඳහා පත් කෙරුණූ රුවන් විජයවර්ධන කමිටු වාර්තාවෙන් පක්ෂයේ සියලු තනතුරු වෙනස් විය යුතු බව නිර්දේශ කර තිබු අතර ඒ අනුව ප්‍රධාන තනතුරු වෙනස් විය යුතු බව නිර්දේශ කර තිබු අතර ඒ අනුව ප්‍රධාන තනතුරු වෙනස්කම් මීට ඉහතදී සිදු කෙරිණි
ප්‍රතිසංවිධාන වැඩසටහන් යටතේ එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණේ මහාමාර්ග සහ උසස් අධ්‍යාපන ඇමැති කබීර් හෂිම් මහතායි.
මංගල සමරවීර මහතා නව උප සභාපති ලෙස පත් කිරීම 2018 අප්‍රේල් 26 දා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන බව පත්වීම් ලිපියේ සඳහන්වේ.