එජාපයේ ඊළඟ පරපුර ගොඩනගමින් සිටින බව අගමැති කියයි


(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායක පරපුර මේ වන විට ගොඩනගමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (6) පැවැසීය.

අලුත් තරුණ පරපුර ගොඩනැගිය යුතුයි.ඔවුන්ට රට බාරදිය යුතුයි.අණ්ඩුව මෙන්ම පක්ෂයෙන් අප ගොඩනගමු.පක්ෂයේ ඊළඟ නායක පරපුර දැන් ගොඩනගමින් සිටිනවා.2025 වනතුරු මා සැලසුම් කරන්නම්.ඔවුන් 2030 දක්වා සැලසුම් කළ යුතුයි.අප දීර්ඝ කාලීන ගමනක් යා යුතුයි.අප සියලු දෙනාම ගම් මට්ටමට බැස පක්ෂය හදා ගනිමු යැයි අගමැතිවරයා කීය.