එජාපයේ ඇමැති වෙනස්කම් අවසන්



 

(අංජුල මහික වීරරත්න)

යහපාලන ජාතික රජයේ දෙවැනි අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනුව එක්සත් ජාතික පක්ෂය කළයුතු අමාත්‍ය මණ්ඩල වෙනස්කම් සියල්ල මේ වන විට අවසන් කර පවතී.

ජාතික රජයේ නිළ කාලයෙන් භාගයක් සම්පුර්ණ වන විට අමාත්‍ය මණ්ඩල සංශෝධන කිරීමට ජනපති සහ අගමැති තීරණය කර තිබු අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම හේතුවෙන් ඒ පියවර කඩිනම් කෙරුණි.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයද අවධානයට ගෙන එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් කළ යුතු අමාත්‍ය මණ්ඩල සංශෝධනය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් අමාත්‍ය මණ්ඩලය කළයුතු වෙනස්කම් සතියක් ඇතුළත කරන බව ජනාධිපති වරයා එක්සත් ජාතික පක්‍ෂ නව අමාත්‍යවරුන් දිවුරුම් දෙන අවස්ථාවේදී  ප්‍රකාශ කළේය.