නිමල කොඩිතුවක්කු
මෙවර පළාත් පාළන මැතිවරණයේ අවසන් දින කිහිපයේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට පත්ව ආණ්ඩුව මැතිවරණ වාසි ලබා ගැනීමේ සැලසුමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මැතිවරණය අවසන් වූ වහාම ඔහු නිදහස් කිරීමේ එකඟතාවය මත මෙම සැළසුම ක‍්‍රියාත්මක කරන බවද ඔහු කියා සිටියේය.
බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එක්සත් ජාතික පක්ෂයෙත් ශ‍්‍රි ලංකා නිදහස් පක්යෙත් නායකයන් සහ යහපාලන රජය ගලවා ගැනීම සඳහා උපදෙස් දෙන සියලූම විද්වද් උපදේශකයනුත් එක්ව මෙම කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවල සකස් කර ඇති බවද මන්ත‍්‍රිවරයා වැඩිදුරටත් පැවසීය.
රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ උප නායක කමින් ඉවත් කිරීමට කටයුතු කිරීම එම සැළැස්මේ පළමු පියවර බවද හෙතෙම කීය.

